සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් සිදු කළ ගණිකා ව්‍යාපාරය මාට්ටු

පොළොන්නරුව හබරණ ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය මධ්‍යස්ථාන හතරක් වටලා එහි කළමනාකරුවන් සිව්දෙනකු ඇතුළු ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 11 අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිඟුරක්ගොඩ අධිකරණය මගින් සෝදිසි මෙහෙයුම් වරෙන්තු ලබාගෙන ‍පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම වැටලීම සිදු කළ බව සඳහන්.

අත්අඩංගුවට ගත් කළමනාකරුවන් සිව්දෙනා මොනරාගල, සීගිරිය, ගම්පහ, මහියංගනය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 ත්, 35 යන වයසේ පසු වන්නන් බවයි පැවසෙන්නේ.

ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් දිඹුලාගල දළුකාන, හබරණ, කැලණිය, මොණරාගල, පූනානි, අනුරාධපුරය සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19, 27, 33, 47, 33, 48, යන වයසේ පසුවන කාන්තාවන් බව පොලීසිය සඳහන් කරනවා.

ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන්ට අඩු මුදලක් දී මෙම කළමනාකරුවන් වැඩි මුදලක් උපයා ඇති බවද පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබෙන අතර මෙම සම්බාහන නිවාස දිගු කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles