සැර අව්වෙන් දෙඇස් රැකගන්න – අව්කණ්ණාඩි පළඳින්න

පවතින අධික අව් රශ්මිය ඇස්වලට හානිකර බැවින් එළිමහනේ ගමන් කරද්දී කළු පැහැ අව්කණ්ණාඩි පැළඳීම ඉතා සුදුසු බව පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසනවා.

මේ දිනවල පවතින අධික අව්රශ්මිය ශරීරයට ද අහිතකර බැවින් අව්රශ්මිය සම තුළට ඒම වළක්වන ක්‍රීම් වර්ග ආලේපනයද සුදුසු බව පවසන ඈ එය වෛද්‍ය උපදෙස් අනුව කරන ලෙස කියා සිටිනවා.

අධික රශ්නය හේතුවෙන් දිනකට ජලය ලීටර් දෙකහමාරක් පානය කිරීම සුදුසු බවත්, කොමඩු, තැඹිලි, පිපිඤඤා, කැකිරි බීමද සුදුසු බවත් ඇය පවසනවා.

අව්රශ්මියේ ගමන් කරන්නේ නම් හිස්වැස්මක් පැළඳ යන ලෙසත්, සැහැල්ලු කපු ඇඳුම් අඳින ලෙසත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles