වර්තමාන කෝප් කමිටු සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර විසින් පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික හිරිහැර කළ බවට පසුගියදා චෝදනා කරනු ලැබුවේ විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ විසින්.
අද මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රී බණ්ඩාර කියා සිටියේ තමන් පාර්ලිමේන්තුවෙන් එළවා දමන චරිත ඝාතනයක් සිදුවන බවයි.
තමන් වැනි අය පාර්ලිමේන්තු පැමිණි විට පක්ෂ භේදයකින් තොරව රැක ගත යුතු බවයි ඔහු පවසන්නේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මෙසේ පැවසුවා.
“මම ලෝකයේ ඉහළ පිළිගැනීමක් සහිත විශ්වවිද්‍යාලවලින් ඉගෙනගෙන මෙරට විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ වසර තිහක් කටයුතු කරල තියෙනවා. විවිධ තනතුරු දරලා තියෙනවා. මම පාර්ලිමේන්තුවට ආවේ ඉහළ තනතුරක් දරමින් සිටියදීය.
අපි පාර්ලිමේන්තුවට එන අවධියේ පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහම එපා කියමින් තිබුණ අවධියක්. ඒ විදියට පාර්ලිමේන්තුවට ආව මට ඇයි මේ විදියට පදනම් විරහිත චෝදනා නගමින් අවලාද නඟන්නෙ කියලයි මම කල්පනා කරන්නේ’’