මහකනදරාව ප්‍රදේශවාසීන් රැසක් හූ හඬ නගමින් ජනපති රනිල් වික්‍රමසිංහට සිය විරෝධය පළකර තිබෙන බව වාර්තා වෙනවා.
අද (15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ජපන් දූත පිරිසක් අතින් අනුරාධපුර උතුරු ජල සම්පාදන පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරිම සිදු කර තිබෙනවා. මහකනදරාව ජලාශයට වතුර ලැබෙන ක්‍රමයක් සකස් නොකර මහා කනදරාව ව්‍යාපාරයේ ගොවීහු අන්ත අසරණ භාවයට පත්වන බව ගොවීහු චෝදනා කරනවා. එසේ තිබියදීම මෙම විවෘත කිරීම් සිදුවීම ගැනයි ගොවි විරෝධය පළ වී ඇති බව පැවසෙන්නේ.
මෙම ජනතා විරෝධයේ යෙදුණු විරෝධකරුවන් 21 දෙනෙකුට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා ද කැඳවා තිබු අතර මෙම ජල යෝජනා ක්‍රමය යටතේ දරු පවුල් 5000 කට වැඩි සංඛ්‍යාවකට, යන එන මං නොමැතිව යන බවද එම ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.