හරීන්ට එරෙහිව විරෝධතාකරුවෝ පාරට

ක්‍රීඩා, යෞවන සහ සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉන්දියාවේ සංචාරයක් අතරතුරදී ‘ශ්‍රී ලංකාව ඉන්දියවේ කොටසක්’ යැයි කළ ප්‍රකාශයට ‘එට්කා එපා ජාතික එකමුතුව’ විසින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

කොල්ලුපිටියේ පිහිටි ඉඩම් සහ සංචාරක අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පෙරවරුවේ මෙම විරෝධතාවය පැවැත් වූ බවයි සඳහන් වන්නේ.

‘හරීන් ඇමතිකමින් වහා නෙරපනු සහ ඉන්දියාවට රට විකිණීම වහා නවතනු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ගෙන එම පිරිස විරෝධතාවල නිරත වූ බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles