බංග්ල්දේශ අරගලකරුවන් විසින් හෝටලයකට ගිනිතැබීම නිසා එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රැකියා කෝටා ක්‍රමයට එරෙහිව ආරම්භ වී ආණ්ඩු විරෝධී කැරැල්ලක් බවට පරිවර්තනය වූ බංග්ලාදේශ විරෝධතා පසුගියදා අවසන් වූයේ අගමැතිනී ෂෙයික් හසීනා ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් අගමැතිනිය ඉල්ලා අස්වුවද රටතුළ පවතින නොසන්සුන් තත්ත්වය තවමත් පහව ගොස් නැති අතර අරගලකරුවන් ෂෙයික් හසීනාගේ අවාමි ලීගයේ නායකයෙකුට අයත් හෝටලකට ගිනි තැබීමෙන් ඒ තුළ සිටි පුද්ගලයින් 24 දෙනෙකු පණ පිටින් පිළිස්සී මියගොස් ඇති බව සඳහන්.
එම ගින්නෙන් මියගිය බහුතරය එම හෝටලයේ ලැගුම්ගෙන සිටි පිරිස බවයි වාර්තා වන්නේ.
හින්දු වැසියන්ගේ නිවාස සහ දේවස්ථාන ඇතැම් ප්‍රචණ්ඩකාරී පිරිසගේ ප්‍රහාරයට ලක්වන අතර රටතුළ පවතින ගැටුම්කාරී වාතාවරණය මේ වන විට ජාතිවාදී ස්වරූපයක් ගෙන ඇත්තේ එරට වෙසෙන සුළුතර හින්දු ප්‍රජාව ඉලක්ක කරගනිමින්.
බංග්ලාදේශයේ දෛනික කටයුතු මේ වනවිට අඩපණව ඇති අතර ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් මහා මාර්ගවල රථවාහන පාලන කටයුතු සිදුකරන බව සඳහන්.