ඊශ්රායලයට එරෙහිව කොළඹ දී මුස්ලිම් ජනතාවගේ විරෝධතාවයක් පැවැත්වුණා.
ඊශ්රායලය විසින් පලස්තීනයට එරෙහිව සිදුකරන යුද්ධයට එරෙහිව කොළඹ දවටගහ පල්ලිය ඉදිරිපිටයි මෙම විරෝධතාව සිදු කෙරුණේ. සිකුරාදා දහවල් මුස්ලිම් දේව මෙහෙයෙන් පසුව දවටගහ පල්ලිය ඉදිරිපිට රැස් වූ මුස්ලිම් ජනතාව විසින් මෙසේ ඊශ්රායලයට සිය විරෝධතාවය දක්වනු ලැබුවා.
මුස්ලිම් ජනතාවට අයත් පලස්තීනයට එරෙහිව ඊශ්රායලය විසින් සිදුකරන යුද්ධයට විරුද්ධ වන බව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙයට එරෙහිව ක්රියා කළ යුතු බවයි ඔවුන් පවසන්නේ. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදුර්දීන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.