නිල්වලා ගඟ හරස් කොට ඉදි කර ඇති ලවණ බාධකය නිවැරදි කර දෙන්නැ යි ඉල්ලා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය අද (23) උදෑසන ආරම්භ කල විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මාතර නගරය තුල දැඩි උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.
දහසකට ආසන්න ගොවීන් පිරිසක් මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියස දී අධිෂ්ඨාන පූජාවක් පවත්වා ඉන් අනතුරුව විරෝධතා පා ගමනකින් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනය ඉදිරිපිටට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
මේ නිසා මාතර කොලඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී වාහන ගමනාගමනයට බාධා එල්ල වු අතර මාතර නගරයේ දැඩි රථ වාහන තදබදයක් ඇති බවයි වාර්තා වන්නේ.
නිල්වලා ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි බල කරමින් ගොවීන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනය ඉදිරිපිට අඛණ්ඩ උපවාසය පවත්වන අතර ගැටලුවට විසදුමක් ලබා දෙන තුරු එම උපවාසය අත් නොහරින බවත් ඔවුන් පවසා සිටිනවා.