සමාජ මාධ්‍ය නියාමනය ගැන ජනතා අදහස: සමීක්ෂණයක් කියයි

පසුගිය දිනවල ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වූ මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පණත් කෙටුම්පත පිළිබඳව වෙරිටේ රිසර්ච් ආයතනය සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

එම පණත් කෙටුම්පත් ගැන දන්නේ සමීක්ෂණයට සහභාගි වූ ජනතාවගෙන් තුනෙන් එකක් එනම් 34% ක් බවයි එම ආයතනය ප්‍රකාශ කරන්නේ.

එම පිරිසගෙන් 56%කගේ මතය වී ඇත්තේ එයින් සමාජ මාධ්‍ය භාවිත කිරීමේ නිදහස සීමා කෙරෙනු ඇති බවයි. තවත් 25%ක පිරිසක් එයින් වැඩි වෙනසක් සිදුනොවෙතැයි සිතන බවත් තවත් 19%ක පිරිසක් සමාජ මාධ්‍ය අවභාවිතය සීමා වනු ඇති බවට විශ්වාස කරන බවයි ඉන් හෙළිදරව් වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles