EPF සහ ETF ජනතා අරමුදල්වලට අත නොතබන්නැයි පවසමින් ඊයේ කොළඹ දී පැවති උද්ඝෝෂණයේ දී ජාතික ජනබලවේගයේ නායකයා මේ බව කියා සිටියා.
වතු කම්කරුවන් වැනි වැඩ කරන ජනයාට විශ්රාමයෙන් පසු ජීවත්වීමට ඇති එකම පිහිට වන මේ අරමුදල් මංකොල්ලකෑම අයුක්තිසහගත සහ අසාධාරණ බව ඔහු පෙන්වා දුන්නා. රජය මෙවැනි ක්රියාමාර්ග නැවැත්විය යුතු බවත් එසේ නොවන්නේ නම් ජනතාව සමඟ එක්ව තමන් ඊට එරෙහිව සටන් කරන බවත් ඔහු පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ රට බංකොලොත් කළ අය නිදැල්ලේ සිටිය දී ඊට ක්රියාමාර්ග නොගෙන වැඩකරන ජනතා මුදල් කොල්ලකෑමට රජය සැලසුම් කරන බවයි.