පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් ඔවුන් සේවය කළ ස්ථානයටම යළි අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබෙනවා.
එම සේවකයන් පෙර සේවා ස්ථානයටම යළි අනුයුක්ත කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අභියාචනා ඉදිරිපත් කර ඇති සියලු රාජ්‍ය සේවකයින්ට පෙර සේවය කළ ස්ථානයටම ස්ථාන මාරු හිමිවන බවත් ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් 3000 කින් පමණ අභියාචනා සලාකා බලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු මසක් ඇතුළත ඔවුන් සේවයේ පිහිටුවන බවයි පැවසෙන්නේ.
එසේම එම සේවකයන්ට කිසිදු ආකාරයකින් දේශපාලන කටයුතුවල නිරත නොවන ලෙස ද කොන්දේසියක් පනවන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.