රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහකට වඩා වැඩි කාලයක් සේවයට වාර්තා නොකළොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේකයක් මඟින් දැනුම් දී තිබෙනවා.
ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගත වී තිබෙන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.