ශ්‍රී ලංකා මහබැංකුවෙන් ජනතාවට අවවාදයක්!

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සිය නිල ලාංඡන ආදිය භාවිතා කරමින් සිදුකරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කළේ බැංකුවේ නිල ලාංඡනය භාවිත කරමින් වංචනික ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යෑමක් නිරීක්ෂණය වන බවයි.

විවිධ සමාජ මාධ්‍ය ජාල හරහා මෙම වංචනික ව්‍යාපාර පවත්වාගෙන යන බවට නිරීක්ෂණය වී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

එවැනි වංචනික ව්‍යාපාරවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරන මහ බැංකුව, එවැනි වංචනික ක්‍රියාවලට ගොදුරු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles