ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් මීට සුළු මොහොතකට පෙර පක්ෂ සහ සන්ධාන 34ක් “පුළුවන් ශ්‍රී ලංකා” ගිවිසුමට අත්සන් තැබුවා.
ඒ අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී යි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම් ෆවුසි ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ.එච්.එම් ෆවුසි නම් කෙරුණා.