ලෝකයේ බලගතුම කාන්තාව පුෂ්පා රම්‍යානි ද සොයිසා

ජාත්‍යන්තර ඇගැයීම් සම්මාන දෙකක් දිනා ගත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය අද (22) මෙරටට පැමිණියා.

ඒ “බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සහ එරට ගෝලීය වාණිජ මණ්ඩලයෙන් ” ලෝකයේ බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව ලෙස නම් කරමින් ලබා ගත් සම්මාන ඇතිවයි.

පුෂ්පා රම්‍යානි මෙනෙවිය කටුනායක ගුවන් තොටුපොළේ දී ප්‍රකාශ කළේ තමන් රාජ්‍ය සේවයට පරිබාහිරව පෞද්ගලික ධනය , කාලය , ශ්‍රමය කැප කරමින් සේවය කිරීම නිසා එය ඇගැයීමට ලක් කරමින් මෙම සම්මාන ලැබුණ බවයි.

එසේම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ වික්ටෝරියා මහ රැජින එදා ප්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය ඇගැයීමකට ලක් කරමින් සම්මානයක් ප්‍රදානය කළ බවත් ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් තමන්ට මෙසේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මානයක් හිමි වී තිබීම විශේෂත්වයක් බවත් ඇය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles