සියලු ඖෂධ දත්ත වෙබ් ගත කරන්න:ජනපති කියයි

නුවන් හෙට්ටිආරච්චි

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද(14) පැවසුවා.

ඒ් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලුව සම්බන්ධ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී.

සෑම රෝහලකම තිබෙන ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත දිනපතාම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් ප්‍රදර්ශනය කළ යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව හිමි වන බව ජනාධිපතිවරයා පවසනවා.

ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඖෂධ සඳහා විනිවිදිභාවය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවද ඔහු සඳහන් කළා.

එසේම කලා විෂය ධාරාව හැදෑරූ අයද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles