රුසියාව නැවතත් ව්ලැදිමීර් පුටින්ට හිමි වෙයි

රුසියානු ජනාධිපතිවරණයෙන් වර්තමානයේ එහි ජනාධිපති ධුරය දරමින් සිටි ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමි වී ඇති බව විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරනවා.

ඒ අනුව ඔහු 87%ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන තිබෙනවා. එම ප්‍රතිශතය ලැබී ඇත්තේ ප්‍රතිඵලවලින් 60%ක් ප්‍රකාශ වෙද්දී බවයි වාර්තා පවසන්නේ.

ඒ අනුව 71 හැවිරිදි පුටින්ට තවත් වසර 6ක් සඳහා රුසියාවේ පාලන බලය හිමි වනු ඇති.

පුටින්ගේ ජයග්‍රහණය නිශ්චිතව තිබුණේ ඔහුගේ විවේචකයන් සිරගත කර තිබූ නිසාත්, තවත් අය පිටුවහල් කර ඇති නිසාත්, මිය ගොස් ඇති නිසාත් බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

පුටින්ගේ ප්‍රමුඛතම ප්‍රතිවාදියා වූ ඇලෙක්සි නවාල්නි පසුගිය මාසයේ ආක්ටික් බන්ධනාගාරයේදී මරණයට පත් වුණා.

හිටපු කේ.ජී.බී. (රුසියානු රහස් ඔත්තු සේවයේ) ලුතිනන් කර්නල්වරයෙකු වූ පුටින් පළමුවරට බලයට පත් වූයේ 1999 වසරේදීයි.

එක්සත් ජනපදය පවසා ඇත්තේ මෙම මැතිවරණය නිදහස් සහ සාධාරණ එකක් නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles