රත්තරන් සොරෙන් ගෙනා අලිසබ්‍රිට වැඩ වරදියි

ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් නීතිවිරෝධී ලෙස රත්රන් සහ ස්මාට් ජංගම දුරකතන ගෙන ඒමට වරදකරු වී දඩ මුදල් ගෙවා නිදහස් වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ නීතිමය පියවර ගැනෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ රජයට අයත් ඉඩම් අක්කර 200ක් බලහත්කාරයෙන් අවභාවිත කිරීම සම්බන්ධයෙන්.

රජයට අයත් අක්කර 200ක පමණ ඉඩම් ප්‍රමාණයක් ඔහු වසර 15ක් තිස්සේ කිසිම නියමිත පටිපාටියකින් තොරව භුක්ති විඳින බවයි දැනගන්නට ඇත්තේ. මේ නිසා රජයට කෝටි ගණනක බදු ආදායමක් අහිමි වී ඇති බවයි වාර්තා වූයේ. අදාළ ඉඩම අයත් ප්‍රාදේශීය ලේකම්වරයා මෙම ඉඩමෙන් ඉවත් වෙන ලෙස ඔහුට දන්වා තිබුණද එය නොසලකමින් මිලියන ගණනක් ආදායම් උපයමින් ඒවා තමා සන්තක කරගැනීමට කටයුතු කරමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

පුත්තලම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති චින්තක අමල් මායාදුන්නේ මෙම ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වෙනවා. පොදු දේපළ පණත යටතේ මෙම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දැනුම් දී ඇතත් තවමත් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නැති බවයි දැනගැනීමට ඇත්තේ. පොදු දේපළ පණත යටතේ කිසිවෙකු අත්අඩංගුවට ගන්නේ නම් සුවිශේෂ හේතුවක් මත මිස ඔහුට ඇප හිමි වන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles