QR අලුත් වෙලා එයි

නවතා දැමු ‘QR’ ක්‍රමවේදය ඉදිරියේ දී නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ වැඩිදියුණු කර දත්ත එක්කිරීම සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිත කිරීමේ උපාංගයක් ලෙස ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

QR ක්‍රමවේදය හදුන්වා දුන්නේ පසුගිය වසරේ පැවති ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස පැවති ඉන්ධන කළමනාකරණය කරමින් බෙදා හැරීම සදහා බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ..

එම නිසා පැවති ඉන්ධන අර්බුදයන් අවසන් කරමින් ජන ජීවිතය ස්ථාවර කර ගැනීමට හැකිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර පෙන්වා දෙනවා.

QR පද්ධතියේ ලක්ෂ 65ක් ඉක්මවූ රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබුණ අතර ඒ හරහා ඉන්ධන බෙදා හැරීමේ ගනුදෙනු ලක්ෂ 3,500කට අධික ප්‍රමාණයක් සිදුව තිබෙන බවත් ඔහු පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles