ඉන්දියාවේ නවදිල්ලි ආසන්නයේ පිහිටි ගුරුග්‍රාම් ප්‍රදේශයේ හින්දු ජාතිකයන් සහ මුස්ලිම් ජාතිකයන් අතර ඇති වූ ජාතිවාදී ගැටුම්වලින් මේ වන විට 7 දෙනෙක් මියගොස් ඇතැයි අල්-ජසීරා වාර්තා කරනවා. පසුගිය සඳුදා මුස්ලිම් බහුතරයක් සිටින ප්‍රදේශයක ආගමික පෙරහැරක් මධ්‍යයේ ඇවිළ ගිය ගැටුම්වලින් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු මිය ගියා. 100කට ආසන්න පිරිසක් තුවාළ ලබා තිබෙනවා.
ගැටුම් ඇවිළ ගිය ගුරුග්‍රාම් යනු Google, Deloitte සහ American Express ඇතුළු බහුජාතික සමාගම් විශාල ප්‍රමාණයක මෙහෙයුම් කටයුතු කෙරෙන ස්ථානයක් ලෙසයි දැක්වෙන්නේ. මෙය ඉන්දියාවේ අගනුවර සිට කිලෝමීටර් 30ක පමණ ආසන්නයේ පිහිටා තිබෙන්නක්.
කෙසේ වෙතත් මේ වෙත්දී තත්වය පාලනය කර ඇති බවයි ගුරුග්‍රාම් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ජාතිවාදී කණ්ඩායම් විසින් සැලසුම්සහගත උද්ඝෝෂණ දියත් කිරීමට සූදානම් කර ඇත්නම් ඒවාට මුහුණ දීමටද ඉන්දීය ආරක්ෂක අංශ සූදානම් කර තිබෙනවා.
2020 දී, ඊසානදිග දිල්ලියේ ආගමික ගැටුම්වලින් පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් මිය ගිය අතර, එය දශක ගණනාවකට පසු අගනුවර සිදුවූ දරුණුතම ආගමික ප්‍රචණ්ඩත්වය ලෙස සඳහන් කෙරුණා. කෙසේ වෙතත් මේ කෝලාහල සඳහා හේතු වී ඇත්තේ පසුගිය වසරේ රජය විසින් හඳුන්වා දුන් පුරවැසි නීතිය මුස්ලිම්වරුන් කොන් කරන බවට වන විශ්වාසය බව විචාරකයන් සඳහන් කරනවා.
ගුරුග්‍රාම්වල ඇති වූ ප්‍රචණ්ඩත්වයේ ඡායාරූප සටහන් පහතින් දැක්වෙනවා.
ඡායාරූප අයිතිය – Altaf Qadri (Photo Journalist)