ඉන්දීය විපක්ෂනායක ධූරයට රාහුල් නම් කෙරේ

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට රාහුල් ගාන්ධි නම් කිරීමට කොංග්‍රස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ඉකුත් 2014 සිට හිස්ව පැවති මෙම ධූරය සඳහා පෙරේදා (08) පැවති ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකයන්ගේ රැස්වීමකදී රාහුල් ගාන්ධිගේ නම ඒකමතිකව නිර්දේශ කර ඇතැයි සඳහන්.

මෙවර මහ මැතිවරණයේදී ඉන්දීය කොංග්‍රස් පක්ෂය කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීමත් සමඟ කොංග්‍රස් පක්ෂය මෙම තීරණය ගෙන තිබෙනවා.

කෙසේවෙතත් කොංග්‍රස් පක්ෂ සභාපතිනිය ලෙස තේරීපත් වූ සෝනියා ගාන්ධිගෙන් රාහුල් ගාන්ධි විපක්ෂ නායක ධූරය බාරගනීවි දැයි ඉන්දීය මාධ්‍ය ප්‍රශ්නකර ඇති අතර එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ එම තීරණය ඔහු විසින්ම ගනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles