ඉන්දියාවේ ඉදිකිරීම් වැඩබිමක ඛේදවාචකයක් (වීඩියෝ)

ඉන්දියාවේ ඊසානදිග මිසෝරාම් ප්‍රාන්තයේ මිටියාවතක් හරහා ඉදිකරමින් තිබූ දුම්රිය පාලමක් කඩා වැටී ඇති අතර, ව්‍යාපෘතියේ වැඩ කරමින් සිටි කම්කරුවන් 26 දෙනෙකු මිය ගොස් බොහෝ දෙනෙක් අතුරුන්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මියන්මාරයට මායිම්ව ඉන්දියාවේ ඈත නැගෙනහිර දෙසින් පිහිටි මිසෝරාම් අගනුවර වන අයිස්වාල් සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි සයිරන්ග් නම් ප්‍රදේශයේ මෙය සිදුව තිබෙනවා.

ඉදිකිරීම් භූමියට ආසන්න ගම්මානයක ජීවත් වූ ජනතාව තුවාල ලැබූ කම්කරුවන් බේරාගෙන රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.

දුම්රිය බලධාරීන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ භායිර්බි – සයිරංග් නව මාර්ග දුම්රිය ව්‍යාපෘතියේ වැඩ අතරතුර මෙම අනතුර සිදු ව ඇති බවයි.

මියගිය අයගේ ළඟම ඥාතීන්ට රජය ඉන්දීය රුපියල් 200,000 ක වන්දියක් ගෙවීමට කටයුතු සූදානම් කරන බවත් ඒ අතර ඉන්දීය පුවත් ඒජන්සි වාර්තා දක්වා තිබෙනවා.

පහත දැක්වෙන්නේ ඊට අදාළව හින්දුස්ථාන් ටයිම්ස්හි පළවූ වීඩියෝවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles