පළමු පංතියේ මැදිරියක ටිකට්පත් නොමැතිව ගමන් කළ බව කියන විදේශිකයන් දෙදෙනෙකුට පහර දුන් සිද්ධියට අදාළව වැඩ තහනම් කරනු ලැබූ දුම්රිය ස්ථානාධිපතිවරයු දෙදෙනාගේ සහ නියාමකයා වහාම නැවත සේවයේ පිහිටුවා තිබෙනවා.
ඊයේ (6) මූලික වාර්තාවක් කැඳවා කරුණු පරීක්ෂා කළ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් විනය ක්‍රියාමාර්ගවලට යටත්ව ඔවුන්ව නැවත සේවයේ පිහිටුවා තිබෙනවා.
මේ වැඩතහනම සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය නියාමක සංගමය කරුණු ඉදිරිපත් කර තිබු බව සඳහන්.
කෙසේ වෙතත්, ටිකට්පත් නොමැතිව ගමන් කළේ යැ යි කිසිවෙකුට පහර දීමට නිලධාරීන්ට අයිතියක් නැති අතර විශේෂයෙන් සංචාරකයන්ට එසේ පහරදී ශ්‍රී ලංකාව පිළිබඳව නිර්මාණය කරන ප්‍රතිරූපය ඉතා බරපතළ බැවින් මේ සම්බන්ධයෙන් තදින් ක්‍රියාමාර්ග ගත යුතු තත්වයක් ගැන බොහෝ දෙනා කතා බහ කරද්දී මෙලෙස නැවත ඉතා ඉක්මනින් මොවුන් සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් විමතිය පළ වෙනවා.