දුම්රිය වර්ජනය: දුම්රිය ස්ථානවලට හමුදාව යොදවයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථාන 45 කට යුද හමුදා භට පිරිස් යොදා ඇති බව යුද හමුදාව පවසනවා.

ඒ අනුව නුවර, කටුගස්තොට, මාතලේ, ජේරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, හැටන්, වටවල, කොටගල, තලවකැලේ, නානුඔය, අඹේවෙල, පුත්තලම, හලාවත, මාදම්පෙ, නාත්තණ්ඩිය, අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල, මහව ඇතුළු දුම්රිය ස්ථාන 45 ක ආරක්ෂාව යොදා ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක අමාත්‍යංශය විසින් හමුදාධිපතිවරයාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව දුම්රිය ස්ථානවලට ආරක්ෂාව සපයනු ලබන පොලිසියට සහායවීම සදහා යුද හමුදා නිලධාරීන් ද යොදවා තිබෙනවා.

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඊයේ (9) වන දින මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව ආරක්ෂාව සදහා යුද හමුදා භට පිරිස් දුම්රිය ස්ථානවලට යොදවන ලෙස ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට යුද හමුදාපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles