දුම්රිය වර්ජනය අඛණ්ඩව දෙවන දිනයටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භකර ඇති වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව එම වෘත්තීය සමිති පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ පසුගිය 09 වනදා මධ්‍යම රාත්‍රීයේ සිටයි.

වර්ජනය හේතුවෙන් ඊයේ දිනය තුළ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරුණු අතර දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීම හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවකට පත්වුණා.

වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ සඳහන් කළේ වර්ජනය ක්‍රියාත්මක වුවද ඊයේ දිනයේ දී දුම්රිය ගමන්වාර 70ක් පමණ ධාවනය කිරිමට කටයුතු කළ බවයි.

ඊට අමතරව ලංකා ගමනමණ්ඩලයට අයත් බස් රථ ද මගීන්ගේ අවශ්‍යතාව අනුව ධාවනය සදහා යොදවූ බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් ඔහු සඳහන් කරන්නේ දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වන අද (11) දිනයේත් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 35ක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles