විදේශිකයන්ට තඩිබෑ දුම්රිය සේවකයෝ නිවැරදියි – බන්දුල

බදුල්ල බලා යන පොඩි මැණිකේ දුම්රියේ ප්‍රවේශපත් නොමැතිව ගමන් කළ විදේශිකයෙන් සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් ක්‍රියා කළ ආකාරය නිවැරදි බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අදාළ සිද්ධියේ මූලික විමර්ශනයේ දත්ත පරීක්ෂා කිරීමෙන් ඒ බව තීරණය කළ හැකි බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, දුම්රිය ප්‍රවේශපත් සම්බන්ධ ප්‍රශ්නයකදී මෙලෙස විදෙස් සංචාරකයන්ට පහරදීම සමාජයේ විවිධ පාර්ශ්වයන්ගේ දැඩි විවේචනයට ලක් වුණා.

මේ සිද්ධියට අදාළ දුම්රිය සේවකයන් හය දෙනෙකුගේ වැඩ තහනම් කෙරුණු අතර පසුව තිදෙනෙකු නැවත වහාම සේවයේ පිහිටුවනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles