සේවයෙන් ඉවත් කරන බවට කළ නිවේදනයෙන් පසු දුම්රිය වැඩවර්ජනය අවසන්

දුම්රිය රියදුරු සංගමය ආරම්භ කළ වැඩවර්ජනය දින දෙකකට පසු අවසන් කර තිබෙනවා.

වැඩවර්ජනයක නිරතව සිටින දුම්රිය එන්ජින් රියදුරන් අසූහතර (84) දෙනාට කඩිනමින් සේවයට වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (13) පෙරවරුවේ ඉල්ලීමක් කළා. සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන අය තනතුරු හැර ගියා සේ සලකන බව දෙපාර්තමේන්තුව එහිදී පවසා තිබුණා.

දුම්රිය එන්ජින් රියදුරන් ආරම්භ කර ඇති වර්ජනයට මුහුණදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් සාකච්ඡාවකින් පසුව වැඩවර්ජනය අත්හැර දැමීමට දුම්රිය රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles