අද තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපවත්වන වැසි සහිත කාලගුණය තවදුරටත් පවතින බවට අනුමාන කෙරෙනවා.

බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ මන්නාරමටත් මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වන බවට අනුමාන කෙරෙනවා.

උතුර බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ තද වැසි ඇති වන සම්භාවිතාවක් පවතිනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles