අදත් සවසට වැසි

බොහෝ පළාත්වල අද (21) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇති වන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එහි දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles