වැසි තත්වය තවදුරටත්

නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් පවතින සුළං සහ වැසි තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන අතර සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවට අනුමාන කෙරෙනවා.

බස්නාහිර, වයඹ පළාත්වල සහ මහනුවර ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වන බවයි පැවසෙන්නේ. උතුරු සහ උතුරු මැද පළාත්වලට ද වැසි වාර කිහිපයක් ඇති වන බවට අනාවැකි පළ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles