පොල්තෙල් මිල ඉහළ දැමීම අසාධාරණයි: පොල් සංවර්ධන සභාපති

වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නැතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා සඳහන් කළේ, ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩි කිරීමක් සිදුකර නොමැති බවයි.

මේ වසරේ මැයි මාසය වන විට පොල්තෙල් මෙට්‍රික් ටොන් 42,000ක් ආනයනය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමක් බව සඳහන්.

මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තරම් පොල්තෙල් රටතුළ පවතින බැවින් පොල්තෙල් මිල ඉහළ දැමීම කිසිලෙසකින් අනුමත කළ නොහැකි බව මහාචාර්ය රොෂාන් පෙරේරා කියා සිටිනවා.

වෙළෙඳපොළේ පොල්තෙල් මිල පාලනය කිරීම සඳහා නව නියාමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles