රාජිතලාගේ පැනීමේ ලකුණු එළියට-ජනපතිට ප්‍රසිද්ධියේ පැසසුම්

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ජනපති රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පැසසුම් එක් කර තිබෙනවා.

බංකොලොත් වීමෙන් කෙටිම කාලයක් තුල ඉන් මිදුණු එක ම රට ශ්‍රී ලංකාව බවයි ඔහු පවසන්නේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර්බුද සමයේ ආණ්ඩුව බාරගත් නිසාවෙන් මේ වන විට රට අර්බුදයෙන් ගැලවී ඇති බව මන්ත්‍රීවරයා කියා සිටිනවා.

රටේ අනෙක් නායකයන්ට රට බාර ගැනීමට අවස්ථාව ලද විට එය භාර නොගත් බවත් තමන්ගේ නායකයාට රට බාර නොගන්නා ලෙස ආර්ථික විශේෂඥයන් උපදෙස් දුන් බවත් ඔහු පවසනවා. කුමන මතවාද තිබුණද රටක් තිබිය යුතු බව වැඩදුරටත් පවසන සේනාරත්න මන්ත්‍රීවරයා කුහකවීමෙන් රටට අනාගතයක් නැති බවද කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles