නව සුව ඇමැති නව වැඩපිළිවෙලක් හදන්න සෞඛ්‍ය ලොක්කෝ කොළඹ ගෙන්වයි

සෞඛ්‍ය ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමේ අරමුණින් සියලු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් අද (27) කොළඹට කැඳවා සාකච්ඡා කර නව වැඩපිළිවෙළක් සකස් කිරීමට සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ තීරණය කර තිබෙනවා. ඖෂධ හිඟය, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගේ හිඟය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීම මෙම සාකච්ඡාවේ අරමුණ බව සඳහන් වෙනවා.

ප්‍රධාන රෝහල්වල මෙන්ම ප්‍රාදේශීය රෝහල්වල වෛද්‍ය හෙද ඇතුළු කාර්ය මණ්ඩල ගැටලු, රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල ගොඩනැගිලි නඩත්තුව සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීම, පවතින ආර්ථික තත්ත්වය හමුවේ මුදල් කළමනාකරණයෙන් ගැටලු විසඳීම අවධානයට යොමුව ඇතැයි වාර්තා වෙනවා.

ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රමවේද, මදුරු වසංගතය හඳුනාගෙන පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත වෙනවා.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින ගැටලුවලට කෙටිකාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් පිළිබඳව අද මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles