ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා රම්‍යා ශ්‍රියාණි පතිරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය වසරක පමණ කාලයක් අසනීපව සිටි බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.
රම්‍යා ශ්‍රියාණි පතිරණ, මෙරට ප්‍රවීණ සාහිත්‍යවේදියෙකු වන නන්දන වීරසිංහගේ බිරිඳයි.
ගාල්ලේ ඉපිද වසර 40කට පමණ පෙර මෙරට ගුවන්විදුලි ක්ෂේත්‍රයට එක් වූ ඇය ගුවන් විදුලි නිවේදිකාවක් සේම ගායිකාවක් සහ හඬ ශිල්පිනියක්ද වූවා. එසේ ම ඇය නිවේදනය වෙනුවෙන් රාජ්‍ය සම්මානයටද පාත්‍ර වූවා.
කෙසේ වෙතත් ඇය ගුවන්විදුලි සභාපති හඩ්සන් සමරසිංහ යටතේ බොහෝ තාඩන පීඩනවලට ලක් වූ බව වසර කිහිපයකට පෙර පවසා තිබුණා. එවක ඇයට සිය වෘත්තිය පවා කලකිරී තිබුණ බව ඇය එහිදී සඳහන් කර තිබුණා.