රංගධර සුමින්ද සිරිසේන සමුගෙන යයි

මෙරට කලා ක්ෂේත්‍රයේ අතිදක්ෂ රංගන ශිල්පියෙකු වූ සුමින්ද සිරිසේන කලාකරුවා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචිමාර්ග සනාථ කරනවා. මෙරට රංගන ඉතිහාසයේ විශේෂයෙන්ම ටෙලි රංගනයන්හි ඔහු පෑ පෙළහර අද්විතීය වෙනවා. වේදිකා නාට්‍ය, සිනමාව, ටෙලිනාට්‍ය ඇසුරේ ඔහුගේ මැදිහත්වීම විශාලයි.

සුමින්ද සිරිසේනයන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වූයේ ගුණසේන ගලප්පත්තිගේ මුහුදු පුත්තු වේදිකා නාට්‍යයෙන්. ඒ දියෝනිස් නම් චරිතය. සිංහබාහු ,මේඝ ,අන්දරේලා ,ආනන්ද ජවනිකා, මීපුර වැසියෝ, මනමේ, මහාසාර රෝමය ගිනි ගනී ඇතුළු වේදිකා නාට්‍ය රැසක විවිධ භූමිකා රඟපාමින් රාජ්‍ය සම්මානයටද පාත්‍ර වුණා.

මිහිකතගේ දරුවෝ, කුමාරිහාමි, අසල්වැසියෝ, බෝඩිම, හිරුට මුවාවෙන්, චරිත තුනක්, නිසල විල, හදවිල සක්මන, රම්‍ය සුරම්‍ය වැනි ඉතා විශාල ගණනක් ටෙලි නාට්‍යවල ඔහුගේ රංගනය මෙරට රංගන ඉතිහාසයේ නොමැකෙන සුළු එකක්.

මේ සඳහා සුමති ටෙලි සම්මානයටද ඔහු කිහිපවරක් පාත්‍ර වුණා.

දුහුළු මලක්, සිටු කුමරියෝ, සප්ත කන්‍යා, යකඩ පිහාටු, සමනළ තටු ආදී සිනමාපට ගණනාවකද ඔහු රංග ප්‍රතිභාව විශද කළා.

රංගන ශිල්පියා මිය යන විට 75 වන වියේ පසු වුණා. අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇති.

මෙරට කලා ක්ෂේත්‍රයට දැක්වූ අනල්ප දායකත්වය වෙනුවෙන් Lankaline අපගේ නොවක් ගෞරවය ඔහුට පුද කෙරෙනවා.

මීපුර වැසියෝ නාට්‍යයේ ඔහුගේ රංගනයක් පහත සබැඳියෙන්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles