එළැඹෙන වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සහන අයවැයක් ඉදිරිපත් කිරීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සාකච්ඡා කර තිබෙනවා.
පැයක පමණ කාලයක් පැවති මෙම හමුවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ සිදුකරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට බාධාවක් නොවන අයුරින් අයවැයෙන් ජනතාවට සහන සැලසීම සහතික කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වැඩිදුරටත් සඳහන්.