ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයකදී ඡන්ද ලක්ෂ සීයක් ලබා ගෙන නැවත ජනාධිපති වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසනවා.
මෙවැනි ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ වාර්තාගත වැඩි ඡන්ද ප්‍රමාණයකින් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම නැවතත් ජනාධිපති වන බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පසු අගමැති වී ඉන්පසු ජනාධිපති වන බව තමන් වසරකට පෙර අනාවැකියක් කියා තිබූ බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියා.