මැතිවරණ සඳහා ප්‍රමාණවත් මුදල් නැති බව කියමින් ඉදිරි ජනාධිපතිවරණය කල් දැමීමට ජනපතිවරයා අදහස් කරන්නේ දැ යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැරලිකාර කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් විමසා සිටිනවා.
2024 අය-වැයෙන් ජනාධිපතිවරණයට මුදල් වෙන් කළහොත් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට රජයට නොහැකි වන බවට එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කළ ප්‍රකාශය හේතුවෙන් මේ ගැන සැක ඇති වන බවයි මහාචාර්යවරයා පවසා සිටින්නේ.
ජනාධිපතිවරණය කල් දමන්නේ නම් ජාත්‍යන්තර ණය දෙන ආයතන සමඟ ගනුදෙනුව කළ නොහැකි වන බව ඔහු සිහිපත් කරනවා.
මේ වසරේ මාර්තු මස මුලදී ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ සුවිශේෂී නියෝගය නොතකා පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආණ්ඩුව ජනාධිපතිවරණයද වැළැක්වීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවක් පෙනෙන්නට ඇතැයිද, ජනාධිපතිවරයා කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ ඉතිරිය සම්පූර්ණ කිරීම පමණක් බවත් කිසිදු තත්වයක් යටතේවත් මෙම ධුර කාලය දීර්ඝ කිරීමට ඔවුන්ට නොහැකි බවත් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා පවසනවා.