ජනපති රනිල්ගෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ අගමැතිට ඇරයුමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බටහිර ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවේ දී අද හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳවත් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පවතින ආයෝජන අවස්ථා පිළිබඳවත් ජනාධිපතිවරයා විසින් කරුණු පැහැදිලි කර දී එම ක්ෂේත්‍ර දිරිමත් කිරිමට හා ආයෝජන අවස්ථා පිළිබඳවද සොයා බැලීමට බටහිර ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කළ ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වන බව ප්‍රකාශ කළ ජනපති රනිල් වික්‍රමසිංහගේ අදහසට කරුණු දැක් වූ අග්‍රාමාත්‍ය රොජර් කුක් බවසා ඇත්තේ ශ්‍රී ලංකාව සහ බටහිර ඕස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රයන්ට අදාල සහයෝගීතාව ඉහල නංවා ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව සහ පර්ත් නුවර අතර සෘජු ගුවන් සේවා සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ඔහු කැමැත්ත පළ කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles