ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වෙනවා.
රාජපක්ෂ කඳවුරේ සිටි දූෂිතයින් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව සිටින බව පෙන්වා දී ඇති මන්ත්‍රී පාඨලී චම්පික රණවක තමන්ට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට නොහැකි යැයි පවසා ඇති බව සඳහන්.
ඒ අනුව චම්පික රණවක හෙට (08) දිනයේදී සමඟි ජන බලවේගය සමග සන්ධානගත වනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.