රනිල් පොහොට්ටු වේදිකාවේ: සහය දෙන බව බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැඳවුම්කරු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ 27 වසරක දේශපාලන දිවිය සමරා උත්සවයක් පැවැත්වුණා. ඒ ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

ඊට පොහොට්ටුවේ සභාපති හිටපු ජනපති මහින්ද, හිටපු ජනපති ගෝඨාභය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් සහ ධම්මික පෙරේරා ඇතුළු සියලුම ප්‍රබලයන් සහභාගි වූ අතර එහිදී බැසිල් රාජපක්ෂ අදහස් දක්වමින් කියා සිටියේ, තම පක්ෂයේ සභාපති අතහැර යද්දී රට බේරාගනිතැයි රනිල් ගැන විශ්වාසය තබා සහයෝගය දුන් බවයි.

රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් තම සහය සහ ශක්තිය ජනපතිවරයා වෙත ලබා දෙන බවයි පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් තවදුරටත් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles