වතු වැටුප් වැඩි නොවීමට වගකිව යුත්තා රනිල්:වසන්ත සමරසිංහ

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700කින් වැඩි කරන බව පවසමින් ආණ්ඩුව තනිකරම සිදුකරන්නේ ප්‍රෝඩාවක් බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා.

තේ වල මිල ඉහළ ගියත් වතු කම්කරුවන්ගේ වැටුප වැඩිකර නැති බවත් බඩු මිල ඉහළ යාමත් සමඟ මාසික වැටුප රුපියල් 50000ක් වත් නොමැති නම් ජනතාවට ජීවත් විය නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

වතු වැටුප් වැඩි නොවීමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවට ඔහු චෝදනා කරනවා.

වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර නිශ්චිත තීරණයකට එන ලෙස හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ,

“අපි රනිල් වික්‍රමසිංහට කියනවා අපිව වර්ජන වලට තල්ලු කරන්න හදන්න එපා. සේවකයෝ වර්ජනයකට ගියොත් බලපෑම වෙන්නේ මේ රටේ ආර්ථිකයට.ඒ වගේම තමයි රංගෙ බණ්ඩාර සිදු කරපු ප්‍රකාශය රනිල්ගේ යෝජනාවක් මිසක් රංගෙ බණ්ඩාරගේ යෝජනාවක් නෙමෙයි. රනිල්ට ව්‍යවස්ථා සංශෝධන වෙනස් කරලා මැතිවරණ කල් දාන්න බැහැ. ඡන්ද කතිරෙකින් රනිල්ව එලවන්න බැරි වුණොත් ගෝඨා එලෙව්වා වගේම තමයි රනිල්ව එලවන්නෙත්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles