2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මේ වන විට සිදු කෙරෙනවා.
ඒ අනුව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ , සමඟි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මේ වන විට සිය නාමයෝජනා පත්‍ර මැතිවරණ කොමිසම වෙත භාර දී තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 ඊයේ (14) දිනය වන විට ඇප මුදල් තැන්පත් කර තිබුණා.