රනිල්ගෙ උපහැරණෙ හරි : විජිත කියයි

පසුගිය දා ජනපති රනිල් වික්‍රමසිංහ විසින් කරන ලද ප්‍රකාශයේ ටයිටැනික් නැව සම්බන්ධයෙන් කියන ලද උදාහරණය නිවැරදි බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පවසන්නේ,

“ටයිටැනික් නැව ගොඩබිමට ආවෙ නෑ. ඒක ගිලිලා මුහුදුබත් වුණා. ඒකෙ ඉඳපු මිනිස්සු මැරුණා. ඒකවත් රනිල් දන්නෙ නැතුව තමයි ඔය මහ ලොකු උපහැරණ කියන්නෙ. හැබැයි ඒ අර්ථයෙන් එයා කියපු එකත් හරි. මොකද, එයා ටයිටැනික් නැව වගේම රට ගිල්ලමින් යන්නේ. ඒක වෙන්න ඇති එයාට කියන්න ඕන වුණේ.“

“දැන් රනිල් හරියට ඉන්නෙ මේ ආර්ථික අර්බුදය විසඳපු පියා වගේ. එයා ආර්ථික අර්බුදය විසඳපු පියා නෙවෙයි. ආර්ථික අර්බුදයේ පියා. මහ බැංකුව කොල්ලකෑවේ නැත්නම් මේ තරම් ආර්ථික අර්බුදයක් නෑ. දැන් කියනවා එයා ඇවිත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කළාලු. හැබැයි ඒවා ඇති වුණේ ඇයි? මහ බැංකු කොල්ලය වගේ වැඩ නිසා තමයි මේ තරම් අගාධයකට රට වැටුණෙ. දැන් රනිල් සුදනා වෙන්න හදනවා. යහපාලනය කාලෙ තමයි ස්වෛරී බැඳුම්කර බිලියන 12.5ක්ම ගත්තේ. දැන් ඔය ගෙවාගන්න බැරුව හිරවෙලා ඉන්න ණය ටික ඔක්කොම ගත්තෙ රනිල්ගෙ කාලෙ. දැන් එයා කතා කරන්නෙ එංගලන්තෙ මහබැංකුව කඩන එකක් ගැන. අපේ මහබැංකුව කැඩුව මදිවට දැන් වෙන රටවල්වල මහබැංකු කඩන එක ගැනත් කතා කරනවා.“

ඉරිදා ලංකාදීප – සංවාදය ප්‍රියන්ත කොඩිප්පිලි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles