දැඩි සත්කාරයේ සිටි ලක්මව, රනිල් දොස්තරගේ බෙහෙත් නිසා ගොඩ ගියා – රංගේ බණ්ඩාර

රනිල් වික්‍රමසිංහ නම් දොස්තරගේ බෙහෙත් නිසා ශ්‍රී ලංකාව නම් අසාධ්‍ය රෝගියා දැඩි සත්කාර ඒකකයේ සිට ටිකට් කපාගෙන ගෙදර ඇවිත් දැන් සුවයෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පවසා තිබෙනවා.

ලක්මව නැවත රෝගී වුවහොත් දැඩි සත්කාර ඒකකයේ සිට මෝචරියට යවන්න සිදුවන හෙයින් එම ඇත්ත තත්ත්වය රටේ ජනතාව හොඳාකාරවම තේරුම්ගත යුතුව තිබෙන බවයි සඳහන් කරන්නේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මේ බව පැවසූයේ එක්සත් ජාතික පක්ෂයේ පුහුණුව ලැබූ කථිකයන් සඳහා සාමාජික හැඳුනුම්පත් නිකුත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා එජාප ජාතික සංවිධායක සාගල රත්නායක, සභාපති වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න, එජාප දේශපාලන පර්යේෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශමල් සෙනරත්, ලක් වනිතා පෙරමුණේ සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ යන අය ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

2 COMMENTS

  1. ඒ කියන්නේ රනිල් මහතා තමන්ගේ දේපල ඔක්කොම විකුනලා රටේ තියෙන මුදල් අඩුපාඩුව පිරි මැහුවා. කෑම බිම විදුලිය,ගෑස්,
    තෙල්,සියලූම දේ පිරි මැහුවා එයාගේ දේපල විකුනා ගත් මුදලින්. එදා රාජපක්ෂලා අමාරුවට වැටුන වෙලාවෙ බොරු සෝබන යක් දැම්මා සජිත් ගනින් මේක අනුර ගනින් මේක කියලා.නමුත් රාජපක්ෂලගෙ අතිජාත මිත්‍රයා වන රනිල් standby තියාගෙන. කිසිදාක කිසිවකුට බලය රාජපක්ෂලා දෙන්නෑ රනිල්ට හැර එකයි ඇත්ත.රනිල් කලේIMF එකේ දැඩි කොන්දේසි වලට යටත්ව වෙලා තව කප්පරකට නය ගත් එක. අද ජනතාවට හුස්ම ගන්නෙත් බැරිව ඉන්නේ ඒ කොන්දේශි නිසා.ඕක කරන්න රංගේ රනිල් උවමනා නෑ..ඔය සජිත් ඔය වැඩේ අපූරු වට කරනවා.අනුර අවදානම් IMF යන්නෑ.නමුත් සජීවි කරයි ඔයාට වැඩියේ ලස්සනට.එයා රනිල් වගේ විසි පාරක් විතර ලෝකෙ වටේ යන්නෙත් නෑ රංගේ.ඔය කතා මෙරට මිනිසුන්ට කීවට වැඩක් නෑ.මිනිසුන් දැන් හරි දැනුවත්…

  2. කොහොමත් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුුත් හාමුදුරුවන්ගේගේ නිවුස් කොහොම හදන්න බැරිද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles