ලෝකෙට ණය දෙන රටක්: රනිල්ගේ ක්‍රමය වජිර පහදයි

ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයක ගිලී සිටිද්දී, අනාගතයේදී ලෝකෙටත් ණය දෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් කරන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කළ ප්‍රකාශය බොහෝ කතා බහට ලක් වුණා. මෙලෙස රට ණය ගැති රටක සිට ණය හිමි රටක් දක්වා පරිවර්තනය කරන ආකාරය ගැන ඉරිදා මව්බිම පුවත්පතට ඔහු පැහැදිලි කර තිබෙනවා.

“ඒක බොහොම සරලයිනේ. 2048 වෙද්දි අපි ණය ගෙවන රටක් නම් අපිට පුළුවන්නේ ලෝකෙට ණය දෙන්න. අපි එකමුතුකමින් ඉන්නකොට එංගලන්තයට ණය දුන්නනේ. එහෙට රටක්නේ බෙදුණට පස්සේ කුලල් කා ගන්නේ.

රනිල් වික්‍රමසිංහ නායකයා මේ රට වසර 12ක් පාලනය කළොත් අපි වී වලින් ස්වයංපෝෂිත වෙලා සහල් පිටරට යවන්න පුළුවන්නේ. වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ සහ මාදුරුඔය වගේම ඉඟිනිමිටිය හදලා විදුලිබලය මෙගාවොට් 4500ක් නිෂ්පාදනය කරලා කුඹුරු අක්කර ලක්ෂ 20ක් විතර නඟුලට යට කළාම සහල් පිටරට යවන්න පුළුවන්.

අපි මීට පෙරත් පිටරටට එහෙම යවලා තිබෙනවා. එහෙම කළාම අපිට නැගිටින්න පුළුවන්. ලෝකෙට ණය දෙන්න පුළුවන්. ඒක ගැන සැකයක් තියාගන්න එපා. මට නම් කිසිම සැකයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාට වසර 12ක් රට දීලා බලන්නකෝ. ලෝක ඉන්න ළමයි ලංකාවට එන්න දඟලයි කිව්වෙ සිහිවිකල් වෙලා නෙවෙයි. එහෙම රටක් රනිල් වික්‍රමසිංහ මහත්තයා හදයි. මම ඔහු අනුගමනය කරන, අනුකරණය කරන කෙනෙක්. ඒ්‍ හන්දා මම ඔහු ගැන හොඳට දන්නවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles