විවාහ පොරොන්දු නඩුවෙන්‍ රන්ජන් නිදහස්

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක ඊයේ (12) නියෝග කළා.

මහනුවර ප්‍රදේශයේ කාන්තවකට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කරනු ලැබුවා.

මෙම නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක (01) මහේස්ත්‍රාත් අධිකරණයේ වසර 13 ක පමණ කාලයක් විභාග වීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles