කෝප් කමිටුවේ ලිංගික අඩන්තේට්ටම් කළේ රංජිත් බණ්ඩාර: හේෂා

පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික අඩන්තේට්ටම් කර ඇත්තේ වත්මන් කෝප් කමිටු සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය රංජිත් බණ්ඩාර බව විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ පසුගිය 18 වැනි දා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා විසින් පසුගිය දිනක හිටපු කෝප් කමිටු සභාපතිවරයෙකු විසින් පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික බලපෑම් කර ඇතැයි පැවසූ අවස්ථාවේදී තවත් හිටපු කෝප් කමිටු සභාපතිවරයෙකු වූ තමා මහත් අසීරුතාවට පත් වූ බව කියූ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් කියා සිටියේ එසේ කළේ කවුදැයි හේෂා මන්ත්‍රීවරයා හෙළි කළ යුතු බවයි.

මෙහිදී හේෂා මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම චෝදනාවට ලක් ව ඇත්තේ වත්මන් කෝප් කමිටු සභාපතිවරයා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles