78 වියේ කත දූෂණය කිරීම: පාසල් සිසුවෙක් සැකපිට අල්ලයි

බලංගොඩ නගරය අසල ඇති දොරවෙල ඔය ආසන්නයේ ඉකුත් 27 වැනිදා 78 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කර ඝාතනය කර තිබුණා. මෙම සිද්ධිය මහත් ආන්දෝලනයට ලක් වුණු අතර අද (7) දින මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 17 වියැති පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරු සම්බන්ධයෙන් කායික, මානසික සහ සමාජ රෝග පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙසත් ඔහු ඩී.එන්. ඒ. පරීක්ෂණයක් වෙනුවෙන් කැඳවන ලෙසත් අධිකරණය වැඩිදුර නියෝග කර තිබෙනවා.

බලංගොඩ මුගුණමලේ පදිංචි සිරියාවතී නම් මෙම කාන්තාව දිය නෑම පිණිස දොරවෙල ඔයට ගොස් ඇති අතර පසුව ඇගේ සිරුර ඔයේ තිබියදී සොයා ගැනුණා.

ඇය අවස්ථා කිහිපයකදී ලිංගික අතවරයකට ලක් කර ගෙල සහ මුඛය සිරකර ඝාතනය කර ඇති බව මරණ පරීක්ෂණයෙන් හෙළිවුණා.

මෙම කාන්තාවගේ පුත්‍රයා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, තම මව කෘත්‍රිම දත් යොද සිටි බවත් සිද්ධියේදී ඇගේ දත් උගුරේ සිරව තිබූ බවයි.

බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles