රතුපස්වල ජනඝාතන නඩු තීන්දුව අද

පිරිසිඳු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මීට වසර 11කට පෙර එ‍නම් 2013 වසරේ අගෝස්තු මස 01 වැනිදා ගම්පහ වැලිවේරියේ රතුපස්වල ප්‍රදේශයේ කම්හලකින් පිටවන අපද්‍රව්‍ය මඟින් පානීය ජලය දූෂණය වී ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසිඳු ජලය ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්වුවා.

එම විරෝධතාව අතරතුර සිදුවූ හමුදා වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මියගිය අතර පුද්ගලයින් 45 දෙනෙකු පමණ පිරිසක් තුවාල ලැබුවා.

නීතිපතිවරයා විසින් මීට වසර 11කට පෙර මෙම නඩු පැවරිම සිදුකර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles